අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 14 – Sri News

0
33

නුවණැත්තා බේරෙනවා

එදා අපේ ආච්චි බණ පොතක් කියවමින් සිටියා. මාත් නංගීත් ගිහින් ආච්චි ළඟින් වාඩි වුණා. එතකොට ආච්චි අපි දිහා බලාගෙන දත් නැති කටින් ලාස්සනට හිනැහුණා.

“ඇයි මයෙ පුතේ..?”

“ආච්චි… මට ආච්චිගෙන් අසාගන්ට දෙයක් තියෙනවා.”

“ඔව්… පුතේ… එහෙනම් ඉතිං කියමුකෝ බලන්ට.”

“ආච්චි… ඉරිසියාව කියන්නේ මොකක්ද ආච්චි?”

“හාපෝ… පුතේ ඒක මහා භයානක දෙයක් නොවැ. මනුස්සයෙකුගේ යහපත වනසා දමා බොහෝ පව් රැස් කරගන්ට ඔය ඉරිසියාව තරම් භයානක තවත් කෙලේසයක් නැතෙයි කියන්ට පුළුවනි. පුතේ… ඉරිසියාව කියන්නේ තව කෙනෙකුගේ දියුණුවට අකැමැතිකොම නොවැ. ඒ කියන්නේ කවුරුහරි හොඳට ඉගෙන ගන්නවා නම්, ලස්සනට ගෙයක් දොරක් හදාගන්නවා නම්, හොඳ රස්සාවක් කරනවා නම්, වාහනයක් ගන්නවා නම් ඒකට කැමති නෑ. ඒකයි ඉරිසියාව. කොටින්ම ස්වාමීන් වහන්සේ නමක් ලස්සන විහාරයක් හැදුවොත් ඒකටත් ඉරිසියා කරනවා. පන්සලකට වැඩිපුර සෙනඟ ගියොත් ඒකටත් ඉරිසියා කරනවා. අනේ පුතේ මේ කාලේ අපේ රටේ මිනිස්සු සනීප කොරගන්ට බැරි විදිහට ම ඉරිසියාව නැමැති රෝගයෙන් හොඳටෝ ම ඔත්පල වෙලා කිව්වට වැරදි නෑ මයෙ හිතේ. ඉරිසියාව නිසා ම යි නීච වෙලා ඉන්නේ… ඉරිසියාව කියන්නේ පුතේ අසත්පුරුෂයාගේ ධජය යි…. පුතේ… ඕං මට දැන් ලස්සන කතාවක් මතක් වුණා.

“අනේ ආච්චියේ අපට ඒ ලස්සන කතාව කියාදෙන්ට.”

“ඒ මෙහෙමයි පුතේ… ඉස්සර අනුරාධපුරේට කිට්ටුවෙන් මහේළ කියා නුවරක් තිබුණා. ඔය නුවර දුබ්බිට්ඨිමහාතිස්ස කියා ඇමතියෙක් වාසය කොළා. උන්දෑ හරී ම සැදැහැවතා. මහා දානපතියා. උන්දෑ විතරක් නොවේ උන්දැගේ බිරින්දෑත් ඒ වගේ ම තමා. මහා සැදැහැවතියක්. සරු සාරෙට කුඹුරුවතුපිටි එහෙමත් උන්දෑ සන්තකව තිබ්බා.

ඉතින් පුතේ දවසක් මේ ඇමතිතුමාගේ කුඹුරුවල වප්මඟුල් දවසක් ආවා. ඒ කියන්නේ මහා කුඹුරු යාය සීසාන්ට පටන් ගන්නා දවස. එදා හරි ජයට වප් මගුල් උස්සවේ ලේස්ති කරගෙන තිබුණා. කුඹුරු හාන ගොන්නුන්වත් ලාස්සනට සරසා තිබුණා. ලස්සනට හිසේ ජටා බැඳපු ජනයා නගුල් සූදානම් කොළා. කෑම් බීම් රසට හදා තිබුණා. ඒ හෑම දෙයක් ම ලෑස්ති කරගෙන ඕං දැන් හෙට උදේට වප් මඟුලට සූදානම් කොරලා තිබුණා.

බලන්ට පුතේ මේ ලෝකේ හැටි. ඕං හෙට වප් මගුල. අද අසත්පුරුෂයෙක් මෙහෙම කල්පනා කොළා.

‘හහ්… තිස්ස ඇමැතියා හෙට වප් මඟුල් උස්සවේ කොරනවා නොවැ. ඒකාට එන්ට එන්ට ම සරුයි. අපට තමයි මොකොවත් නැත්තේ. මං තිස්ස ඇමැතියාගෙන් ණයකුත් ගත්තා. මං මේකාගේ වප්මඟුල කොහෝම හරි නවත්තන්ට ඕනෑ. කඩාකප්පල් කරන්ට ඕනෑ. මේකාට මූණ දෙන්ට බැරි විදිහේ වැඩක් කරන්ට ඕනෑ. මේකාට දියුණු වෙන්ට නම් දෙන්ට හොඳ නෑ’ කියලා.

ඉතින් පුතේ…. ඒ අසත්පුරුෂයා මෙහෙම හිතන්නේ තිස්ස ඇමතියාගෙන් ණයකුත් අරගෙන තියෙද්දි යි. බලන්ට පුතේ… උදව් ලැබූ මිනිසාව ම නැති කරන්ට හිතන හැටි. හප්පේ… මෙහෙමත් මිනිස්සු…! ඊට පස්සේ ඒ අසත්පුරුෂයා මෙහෙම හිතුවා.

‘හහ්… ඔය තිස්ස ඇමතියා මහා සැදැහැවතෙක් ලු නොවැ. හරි… මං කරඤ්ඤං වැඬේ’ කියලා මේකා කෙලින් ම ගියා අනුරාධපුරේ අභයගිරි මහා විහාරෙට. ගොහින් තිස්සදත්ත මහතෙරුන්නාන්සේ මුණ ගැසුණා. මෙහෙම කීවා. “අනේ ස්වාමීනී, මං මේ ආවේ අපේ තිස්ස ඇමතිතුමාගේ ආරාධනාවකට යි. එතුමා හෙට දවසේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකට මහා දානයක් පූජා කොරගන්ට ඕනෑමලු. ඒ වෙනුවෙන් ලකලෑස්ති වෙලා ආශාවෙන් බලා ඉන්නවා. අනේ… ඒ නිසා ඔබවහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග තිස්ස ඇමතිතුමාගේ නිවසට හෙට උදේ ම වඩින සේක්වා! කියා ආරාධනා කොළා. ඉතින් පුතේ… මේක ඇත්තක් ය කියා සිතපු තිස්සදත්ත තෙරුන්නාන්සේත් ඒ මිනිසාගේ ආරාධනය භාරගත්තා.

දැන් පුතේ අපේ අර ඇමතිතුමා මේ දානයක වගක් මොකෝවත් දන්නේ නෑ. පසුවදා උදෑසනින් ම තමුන්නේ සේවක ජනයාත් එක්ක වප් මගුලට පිටත් වෙලා ගියා.

ඔය අතරේ එදා උදේ ම තිස්සදත්ත නායක තෙරුන්නාන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන ඇමතිතුමාගේ නිවසට වැඩියා. ඒ වෙද්දී තිස්ස ඇමතියාගේ බිරිඳ වප්මඟුලට ආහාරපාන සකසන්ට සූදානම්ව බොහෝ කලබොලේට හිටියේ. තමන්ගේ නිවසට දානය පිණිස හදිසියේ ම වැඩම කළ සංඝයා වහන්සේ දුටු ගමන් ඈ මහත් සතුටින් ගොහින් වන්දනා කොළා. ආසන පනවා වැඩ ඉන්ට සැලැස්සුවා. නමුත් ඒ ගෙදර මනුෂ්‍යයන් වෙනදා වගේ නොවේ. දන් දෙන්ට කරන උත්සාහයක් පේන්ට නෑ. මහා කලබොලේට එහාට මෙහාට යනවා. එතකොට තෙරුන්නාන්සේ මෙහෙම ඇහුවා.

“උපාසිකාවෙනි, අද මොකොද මේ තොපගේ නිවසේ මහා කලබොලයක්. වෙනත් වැඩක යෙදිලා වගෙයි.”

“එහෙමයි… ස්වාමීනී. අද අපේ වප්මඟුල් දා නොවැ. ඒකට යි මේ හැමෝ ම මහන්සි වෙන්නේ. නමුත් ස්වාමීනී, අද අපට මේ වප් මඟුලට අමතරව දන් මංගල්ලෙකුත් කොරගන්ට පිනක් පෑදුනා කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මං මේ ඒ දෙක ම පිරිමසාගන්ටයි හදන්නේ” කියලා ඊට පස්සේ ගෙදර පොරෝජනේට හදා තිබුණු කැඳ, අවුලුපත්, කිරි, ගිතෙල්, පැණි පාත්තරවලට පිළිගැන්නුවා. හීලට කැඳ පිළිගත් මහතෙරුන්නාන්සේ පාත්‍රා රැගෙන ආපසු වඩින්ට සූදානම් වුණා. උපාසිකාව තෙරුන්නාන්සේට මෙහෙම කිව්වා.

“අනේ ස්වාමීනී… වඩින්ට එපා. ඕවා හීලට වළඳන්ට. අපි මේ දාවල මහා දානෙටත් සූදානම් වෙනවා.” එතකොට තෙරුන්නාන්සේ සඟපිරිසත් සමග නැවතුනා. ස්වාමීන් වහන්සේලා පන්සිය නමක් නිවසේ වැඩ ඉන්නා බව ඇමැතියාට ආරංචි වුණා. වප්මඟුල් කටයුතු අනිත් අයට පවරා ඉක්මණින් ගෙදර ආවා. ස්වාමීන් වහන්සේලාට ආදරයෙන් වන්දනා කළා.

“අනේ පින්වත් උපාසක, අපි මෙහෙ අද වප්මඟුල් උස්සවයක් බව දන්නේ නෑ. යාන්තමින් වත් දැනගන්ට ලැබුණා නම් අපි වඩින්නේ නෑ. තොප ඊයේ අද දානයට පන්සිය නමක් වඩින්ට ඕනෑ ම කියා අසවල් මිනිසා අත ආරාධනාවක් එව්වා නොවැ. ඒකයි අපි වැඩියේ.”

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here