**අපේ අවුෂධ – අංක 05** **කම්මැලි කම නැතිකර, ලිංගික ශක්තිය වඩවන නීරමුල්ලිය!!෴** …

0
5


**අපේ අවුෂධ – අංක 05**

**කම්මැලි කම නැතිකර, ලිංගික ශක්තිය වඩවන නීරමුල්ලිය!!෴**
# [නීරමුල්ලිය / කටු ඉකිරිය [Neeramulliya / Katu Ikiriya] (Hygrophila schulli)](https://apeosupela.blogspot.com/2014/11/hygrophila-schulli.html)

**නීරමුල්ලිය නැත්නම් ඉකිරිය කියන්නේ ඉතිං ගමේ ගොඩේ වෙල්යායවල්වල, මඩ වගුරැවල, වැව් තාවුල්ලේ ඉබේ වැවෙන තවත් එක් අවුෂධීය ගුණයෙන් අනූන ශාකයක්!! ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නම් බොහෝ රෝග සුවපත් කිරීමේ හැකියාවක් මේ නීරමුල්ලිය වලට තියනවා!! ඇතැමුන් මෙය “ඉකිරිය” ලෙසින්ද හඳුන්වනවා!!! **බොහෝ රෝග වළක්වා ගැනීමටත් රෝගයක් සඳහා කරනු ලබන ප්‍රතිකාරවලදී ගනු ලබන ඖෂධ නිෂ්පාදනයක් සඳහා ද නීරමුල්ලිය යොදාගැනෙනවා!.෴

මේවා තෙත් හෝ ජලාශ්‍රිත ප්‍රදේශවල 1.25 m තෙක් උසට වැඩෙන සෘජු කඳක් සහිත බහු වාර්ෂික පැළෑටියක්෴ සිලින්ඩරාකාර කඳේ ගැට අසල රෝම සහ තියුණු කටු පිහිටනවා෴ දිගැටි පත්‍රද බූව සහිතයි෴. පුෂ්ප 6-8 වලයන් ලෙස පිහිටනවා෴ පෙති (දල) දම් නිල් පැහැතිය. ඵලය 1 cm පමණ දිග ස්ඵෝටිකාවක්. අපේ රටේ වියළි හා තෙත් කලාපයේ විවෘත වගුරු බිම්වල පාර දෙපස ජලය සහිත ස්ථානවල සුලභව දක්නට ලැබෙනවා! මෙහි නිල් පැහැති මල් සහිත වර්ගයක් සහ සුදු මල් සහිත වර්ගයක් තියනවා!!!. සුලභව දක්නට ඇත්තේ නම් නිල් පැහැති මල් පිපෙන වර්ගයයි. මෙය Acanthaceae කුලයට අයත් ශාකයක්෴

හොඳින් මුත්‍රා පිටකරන, මුත්‍රා ඇති කරවන ඖෂධයක් ලෙසින් ද හඳුන්වන අතර “දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මුත්‍රා කාරක ඖෂධයක් ලෙසද හැඳින්වේ෴. ආයුර්වේදයට අනුව මුත්‍රා පද්ධතිය හා සම්බන්ධ රෝගවන මුත්‍රාඝාත (මුත්‍රා හොඳින් පිට නොවීම) මුත්‍රා කටච්ඡ (මුත්‍රා අපහසුවෙන් පිටවීම) සහ මුත්‍රා අශ්වරි (මුත්‍රා ගල්) යන රෝග තුන සඳහා නීරමුල්ලිය ඉතා ගුණදායක ඖෂධයක් බව අපේ පරැන්නන් දැනගෙන හිටියා!!!

එමෙන්ම නොයෙකුත් රෝග තත්ත්වයන් නිසා ඇති වන මුත්‍රා දැවිල්ල, වේදනාව, මුත්‍රා පිටවීම අවහිර වීම, වකුගඩු හා මුත්‍රා නාල මුත්‍රාශයේ ඇතිවන ගල් සඳහා ද ඉතා යෝග්‍ය වෙනවා!!

මුත්‍රාශයේ ගල් ඇති අයට ලුණුවර පොතු, නීරමුල්ලිය මුල් කලං 6 බැගින් කෂාය කර බීම, පොල්පලා, නීරමුල්ලිය තැම්බූ ජලය සතියකට වරක් පමණ බීම මගින් එම රෝගයෙන් සහනය ලැබිය හැකියි෴.

නාඩි දුබලතාව, වාත රෝග, ආමවාත, පිත්තාතිසාරය, රත්පිත්, වාතරක්ත, සෙංගමාලය , ආදී රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීරමුල්ලිය ශාකයේ කොළ, මුල්, බීජ ඇතුළු පංචාංගයම භාවිතයට ගනී. ෴.

වැඩිහිටියන්ගේ කකුල් ඉදිමුන විට නීරමුල්ලිය කොළ තැම්බූ ජලයේ කකුල් බාහා තබමින් සේදීම හා තැම්බුණු කොළවලින් තැවීම සිදුකරයි෴. රුධිර ධාවනය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය ඇති අයට අහිතකරයි. මුත්‍ර කාරක, කාමොද්දීපක, ඉදිමුම් නසන, ශුක්‍ර දුබලතාවන් නසන ආදී ගුණයන් සහිතයි.

නමුත් නීරමුල්ලිය වෛද්‍ය උපදෙස්වලින් තොරව එකදිගට නොගත යුතුයි!!!. නීරමුල්ලිය භාවිතාවෙන් ආයුර්වේදයේදී ගුලි, කල්ක, නසාය, චූර්ණ, පෙති, කරල් ලෙසින් නිපදවේ!!.

නීරමුල්ලිය ඇට ලිංගික බෙලහීනතාවය හා ශුක්‍රණු නිෂ්පාදනය නොවීම සඳහා ද ප්‍රත්‍යක්ෂ ඖෂධයක්!!!! ඕං ඉතිං අපේ බොහේ අයට තියන ගැටලුවකට පිලිතුරක් මේ නීරමුල්ලිය වල තියනවා!! වෛද්‍ය උපදෙස් අරං ඒ ගැන කටුයුතු කලොත් ඉතිං ඔය කියනා අභාද නැති කරගෙන සතුටින් ඉන්නටත් හැකී!!! ඒත් ඉතිං මේවා පොශ් නැති අවුසද නිසා අපිට අගයක් නෑ !! කරැමේ තමා!!! නේද??.

දියවැඩියා රෝගීන්ට ද මේක හරිම ගුණදායක වන අතර එයද වෛද්‍ය උපදෙස් අනුව ගතයුතුයි!!!. අක්මාව ආරක්ෂා කරනවා!!!. ලිංගික බෙලහීනතාවයට ද ඉතා ගුණදායක යි!!! . මොළයේ නීරෝගි භාවය වෙනුවෙන්ද ප්‍රදාහ තත්ත්ව ඉඳිමුම් තත්ත්වයන් ද දුරුකරනවා!!!

විශේෂයෙන් ආතරයිටීස් රෝග ප්‍රදාහ තත්ත්වයන් ඉදිමුම් තත්ත්වයන් ටත් ඉතාම ගුණදායකයි!! ෴ අධික රුධිර පීඩන සහිත රෝගීන්ට ද ඉතා ගුණදායකයි෴. එහෙම කිව්වට තේරෙන්නෑනේ!! ඔය හයි බ්ල්ඩ් පෙෂර් කියන්නේ ආන්න ඒකට!!!

ඒ වගේම උණ රෝගීන්ගේ මුත්‍රා හොඳින් පිට කර උණ අඩුකිරීමට උපකාරී වෙනවා!!. මෙහි රෝග මැඩලිය හැකි ප්‍රතිශක්තිකරණ බොහොමයක් අන්තර්ගතවෙනවා!!. ඒකයි වැඩිපුරම මේකේ වටිනාකම෴

නීරමුල්ලිවල ඇති විටමින් E වලින් අපේ ශරීර ශක්තිය ඇති කරනවා!!!. කිරි දෙන මව්වරැන්ට නැවත මාසික ඔසප් චක්‍රය ඇති කිරීමට ඉතිං ප්රත්යක්ෂ අවුසදයක් ඕං!!

මෙහි ඇටවල පොටෑසියම් ලවණ වර්ග බහුල ලෙස තිබෙනවා෴.

ලේ මඳවීම නිසා (Animia) හටගන්නා විඩාව, කම්මැළිකම, අත්පා වේදනාව සුව කරන්නටත්, සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රත්‍යක්‌ෂ ප්‍රතිකාරයක්‌ ලෙසත්, කැස්‌ස, කහඋණ (Jaundice) යන රෝගවලටත්, ගොනෝරියා Gonorrhea නමැති සමාජ රෝගයටත්, ආත්‍රයිටීස්‌ තත්ත්වයන්ටත් ප්‍රතිකාර කිරීමේදීත් නීරමුල්ලිය පස්‌ පංගුව භාවිතා කරනවා. ෴

නීරමුල්ලිය ඕනම බෙහෙත් කඩයක තිබෙනවා.!!

එයින් කලං 5 ක්‌ පමණ ගෙන හොඳින් සෝදා වතුර මිලිලීටර් 400 ක පමණ දමා හරි අඩක්‌ වන තුරු උණු කළ යුතුයි.!! ඉන්පසුව එය මඳ රස්‌නය ඇතිව හෝ සම්පූර්ණයෙන්ම නිවා පානය කළ යුතුයි.! දිනකට වරක්‌ විශේෂයෙන්ම උදේ වරුවේ හිස්‌බඩ දින හතක්‌ පානය කළ විට එහි අගය රෝගියාට දැනෙන්නට පටන් ගන්නවා. ඒ අතර රෝගියා දිනකට ජලය වීදුරු 24 ක්‌ විටින් විට පානය කළ යුතුයි. නීරමුල්ලිය ප්‍රතිකාරය මාසයක්‌ එක දිගට කළ විට මුත්‍රා ගල් රෝගියාට විශාල සහනයක්‌ ලැබෙනවා.෴

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව නීරමුල්ලිය පුළුස්සාගත් දුම ඇස්වල තුවාල සුවකිරීමට යොදාගෙන තියනවා!! එමෙන්ම උණ ගැනුණු රෝගීන්ට නීරමුල්ලිය තම්බා ගත් වතුරවලින් ඇස් තෙමීමක්ද ආයුර්වේදයේ සඳහන්!!! ඒවා නම් ඉතිං වෛද්‍ය උපදෙස් අනුව කිරීමට වගබලා ගන්න වෙනවා!! . නීරමුල්ලිය කොළ සලාද සහ ව්‍යාංජන සඳහා යොදාගත්තා ඉස්සර!! ඒත් දැං එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්ට වෙනවා!! මොකද අපිට දැන් තියනා විවිධ ලෙඩ වෛද්‍යවරැන්ටත් හොයා ගන්න බැරි දේවල්නේ!!! හොද ඒවායින් ඒ ලෙඩ උත්සන්න වෙන්නත් හැකී!!! ඒනිසා මේ වටිනා ගුණදායක ඖෂධය ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්යවශ්‍යයි!!

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය

**ස්තුතිය # විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල**

සැකසුම

෴රුවන් ගමරාළගේ 2019 ජූලි 01෴සංසකරණය සැප්.19







Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here