අපි පොහොසත් රටක,පොහොසත් ක්‍රීඩාවක් හදමු – නව ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න

0
18


මම මලල ක්‍රීඩකයෙක්.ඒත් මට පැවරී තියෙන්නෙ රටේ සමස්ථ ක්‍රීඩාව කළමණාකරණයට දායකවීමේ වගකීම.ඒ දේ ක්‍රීඩා කරන තරම් පහසු දෙයක් නෙමෙයි.අපි පොහොසත් රටක් හදන වැඩ සැළසුම ඇතුළෙ පොහොසත් ක්‍රිඩාවක් ඒ රටට ලබා දීමේ වගකීමෙන් බැදී ඉන්නවා.ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා.“

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගයක් නියෝජනය කළ, පාර්ලිමේන්තුවට තේරී පත් වූ,පළමුවැන්නා වූ සුගත් තිලකරත්න නව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් වීමෙන් ඉනික්බිතිව අප කළ විමසීමකදී පැවසීය.


“මම බොහොම දුශ්කර ප්‍රදේශයකින් ක්‍රීඩාවට ආව කෙනෙක්.තවමත් එවැනි ප්‍රදේශවලට නොගිය ක්‍රීඩාත් ලංකාවෙ තියෙනවා.සමහර විට ඒ ඒ ක්‍රීඩාවල රටේ දක්ෂතම කෙනා තවම හැංගිලා ඇති.ඔවුන් ඉන්න තැනට ක්‍රීඩාව ගිහිල්ලා නැතුව ඇති.මේ තිත්ත ඇත්තට අපි සංවේදී වෙන්න ඕනි.අපේ වගකීම වෙන්නෙ ඒ තත්ත්වය වෙනස් කරලා ක්‍රීඩාව ගමට ගෙන යන වැඩ සැබෑ වැඩ පිළිවෙළක් සකස් කිරීමයි.“

සුගත් තව දුරටත් අවධාරණය කළේය.


“අපි දන්න ඇත්තම කතාව තමයි ක්‍රීඩාවන් ප්‍රචලිත නොවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව ඒවා සම්බන්ධයෙන් වන යටිතල පහසුකම් නගරයෙන් ඈතට යන්න යන්න නොලැබී තිබීම. ඉතිං එහෙම තත්ත්වයක් වෙනස් කරන එක එක රැයකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.ඒ නිසා පිළිවෙලින් ඒ දක්වා ළඟා වීමට අවශ්‍යය කාරණා කටයුතු,ගත හැකි විකල්ප ගැන අප කල්පනා කළ යුතුව තිබෙනවා.“

නව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා පරිපාලනයට සම්බන්ධ රාජ්‍ය වගකීම් දරන ලද කෙනෙක් වීම නිසා තමන්ට ක්‍රීඩකයෙක් විදිහට තියෙන අත්දැකීම් හරහා රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමේදී අමාත්‍යවරයාට නිවැරදි තීරණ ගැනීමට විශාල දායකත්වයක් දිය හැකි බව විශ්වාස කරන බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here