අපහැදිලි මුහුණට පැහැදිලි බව ගෙනෙන නෙල්ලි වලින් හදන විශ්මිත ෆේස් පැක් එක… (දිගු…

0
9

අපහැදිලි මුහුණට පැහැදිලි බව ගෙනෙන නෙල්ලි වලින් හදන විශ්මිත ෆේස් පැක් එක…
(දිගුකාලීන පැහැපත් බවක් අවැසි ඔබට)

රූපය ගැන හිතන එක සරල දෙයක් නෙවෙයි. ඒක ටිකක් සංකීර්ණ දෙයක්. මොකද කෙනෙක්ගේ රූපය කියන්නේ එයාගේ ජීවිතයේ වැදගත්ම අංගයක්. ඔයාව මේ ලෝකය මුලින්ම දකින්නේ ඔයාගේ රූපයෙන්. කවුරු කොහොම කිව්වත් කෙනෙක්ගේ බාහිර රූපය එයා ගැන ලෝකය තේරුම් ගන්න විදිහත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් කෙනෙක්ගේ රූපයට එයාගේ මුහුණේ පැහැපත්කම, එයාගේ ශරීරයේ හැඩය, එයාගේ හෙයා ස්ටයිල් එක, එයා අනුගමනය කරන මෝස්තර වගේ ගොඩක් දේවල් එකතුවෙනවා. මේ දේවල් එක්ක එයාගේ ගති පැවතුම් එකතු වෙලා තමයි පෞරුෂය කියන දේ හැදෙන්නේ.

කෙනෙක් තුළ කොච්චර හොඳ ගති පැවතුම් තිබුනත් එයාගේ සමස්ත රූපයෙන් ඒක එළියට එන්නේ නැත්නම් එතනදි එයාව තේරුම් ගන්න ලෝකය ටිකක් වෙලා ගන්නවා. තේරුම් ගන්නේ නෑ කියන එක නෙමෙයි අපි කියන්නේ. තේරුම් ගන්න වෙලා ගන්නවා. ඉතින් ඇයි එහෙම කරගන්නේ.

අපි කොච්චර වැදගත් විදිහට ජීවත් වෙන්න උත්සාහ කලත් අපේ බාහිර පෙනුමෙන් ඒ වැදගත් බව සුන්දරව ඉස්මතු වෙන්නේ නැත්නම් එතනදි පොඩි අඩුපාඩුවක් ඇති වෙනවා. ඒ නිසානේ ලෝකය මේ තරම්ම රූපලාවන්‍යය කියන දේ ගැන හිතන්නේ. අනික අද රූපලාවන්‍යය කියන දේ ගැන හිතන්නේ ගැහැණු පමණක් නෙවෙයි. අද පිරිමිත් ඒ දේවල් ගැන ගොඩක් හිතනවා. මොකද එයාලත් අද තේරුම් අරන් ඉන්නවා පිරිමියෙක්ගේ පෞරුෂයට එයාගේ බාහිර පෙනුමත් ලොකු එකතුවක් කරනවා කියලා. ඒ නිසාම මේ දේවල් සරලව තේරුම් ගන්න එපා. ඒක ටිකක් සංකීර්ණ වටිනා දෙයක්.

රූපලාවන්‍ය කලාව ගැන හිතුවොත් අපි ඉන්නේ ගව් ගානක් දුරින්. අපිට වඩා සියුම්ව සුන්දර විදිහට අද ලෝකය තමන්ගේ රූපය තමන්ට ඕන විදිහට වෙනස් කරගෙන යනවා. එහෙම කරන්න බෑ කියලා අපි හිතද්දි එයාලා සෑහෙන දේවල් වෙනස් කරගෙන ජීවිතය වෙනස්ම තැනකට අරගන්නවා.

කෙනෙක් උත්සාහ කරනවා නම් එයාගෙ උපතින් ලැබෙන රූපය 80% ක් විතර වෙනස් කරගන්න පුළුවන්. ඒක ඇත්තක්. හැබැයි ඒ වෙනුවෙන් එයාලා පොඩි දුකක් විඳිනවා. කැපකිරීම් කරනවා. ආසම දේවල් කන්නෙ නෑ. ගොඩක් දේවල් වලින් වැළකිලා ඉන්නවා. ඒ වගේම ඒ වෙනුවෙන් කරන්න තියෙන දේවල් කොච්චර දුෂ්කර වුනත් ඒවා කරනවා. මොකද අවසාන ප්‍රතිඵලය සුන්දරයි කියලා එයාලා විශ්වාස කරනවා.

අද අපි ඔබට ලබා දෙන්නේ සතියකට වතාවක් සති සති 24 ක් කළයුතු විශ්මිත ෆේස් පැක් එකක රහස් වට්ටෝරුවකුයි. මේ වගේ විශ්මිත රහස් වට්ටෝරු ගැන විශ්වාසයක් නැත්නම් මේවා කවදාවත් කරන්න එපා. මොකද එහෙම විශ්වාස කරන්න බැරි දෙයකින් කවදාවත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති නිසා.

කෙනක්ගේ මුහුණකට හොඳ පැහැදිලි බවක්, මසන්කාන්ත බවක් තියෙන්න ඕන. ඒත් සමට වෙන දහසක් කරදර නිසා කාගෙවත් මුහුණක එවැනි පැහැදිලි බවක් දැකගන්න ලැබෙන්නේ නෑ. තැන තැන කුරුලෑ, තැන තැන කැළැල්, තැන තැන කළු ලප, සම පුරාම බ්ලැක් හෙඩ්ස්, කැපුම් පහරවල්, ඉතින් සමේ මේ ඒකාකාර වර්ණයක් පැහැපත් බවක් නැති වුනාම සමස්ත මුහුණේ සුන්දරත්වය අහිමි වෙනවා.

අන්න ඒ වගේ අතිශය දරුණු විදිහට ඩැමේජ් වූ මුහුණකට මෙන්න මේ සත්කාරය සති 24 ක් කරන්න. ඒ සති 24 ම කරන්න. මොකද ඒ සති 24න් පස්සේ කෙනෙක්ට අදහාගත නොහැකි දෙයක් දැකගන්න ලැබෙනවා. ඒ විශ්මිත වෙනස දකින්නට නම් මේ සති 24 නොකඩවා කළ යුතුමයි. දීර්ඝකාලීන සත්කාරයකින් ලැබෙන දේ ඇත්තටම දීර්ඝකාලීනයි.

මේ සමට රන් ගෑවා හා සමාන අම්ලා ඒ කියන්නේ නෙල්ලි සත්කාරය හැකිනම් සති 24 ම කරන්න. ඔබට පුදුමාකාර දෙයක් දැකගන්න ලැබේවි. ඔබේ මුහුණ සඳක් වගේ ඔබටම පෙනේවි.

🔴 අම්ලා (නෙල්ලි) ක්ලියර් ෆේස් පැක් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :-
================================

🔶. නෙල්ලි ගෙඩි 10ක් ගලක පරිස්සමින් උරච්චිකර ලබාගත් නෙල්ලි පේස්ට් මේස හැඳි 04ක් (බ්ලෙන්ඩර් කරන්න එපා. පොඩි ගලක අතුල්ලලා ගන්න. එයයි වඩාත්ම හොඳම ක්‍රමය)
🔶. මුදවපු කිරි මේස හැඳි 01ක්
🔶. හොඳම වර්ගයේ මී පැණි මේස හැඳි 01 ක්
🔶. ගලක උරච්චි කරලා ලබාගත් සුදුහඳුන් මේස හැඳි 1/2ක්

🔴 සාදන ක්‍රමය සහ භාවිතා කරන ක්‍රමය :-
================================

01). පරිස්සමින් නෙල්ලි පේස්ට් එක ලබාගන්න. එම ගලේම සුදු හඳුන් කැබැල්ලක් උරච්චි කරලා සුදුහඳුන් පේස්ට් එකත් ලබාගන්න.

02). දැන් මේ වර්ග දෙකම පොඩි වීදුරු බෝල් එකකට දමා පසුව එයට මී පැණි සහ මුදවපු කිරි දමන්න.

03). උණුසුම් තුවායකින් මුහුණ විනාඩි 20ක් මසාජ් කරන්න. පසුව සාදාගත් පේස්ට් එක පරිස්සමින් ගාන්න.

04). නිස්කලංක තැනකට වී විනාඩි 40ක් සිටින්න.

05). පසුව සීතල වතුරින් සෝදාහරින්න.

06). මේ සත්කාරය සති 04ක් කරද්දි ඔබට වෙනසක් පෙනේවි. එය සති 10 ක් කරද්දි ඔබට ලොකු ආසාවක් දැනේවි.

07). සති 24කදී ඔබට ඔබේ පැහැපත් මුහුණ දැක පුදුමත් හිතේවි. එය රස විඳින්න.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸ශරීරය සුවඳ කරන රහස් ඖෂධ 👇
https://m.facebook.com/story.php?story_fbid=2343633642597792&id=1839559759671852

🔹යුවතියන් හැඩකරන විශ්මිත කහකිරි පානය 👇
https://m.facebook.com/story.php?story_fbid=2367919100169246&id=1839559759671852

🔸යුවතියන් ලස්සන කරන පාන වර්ග 10 👇
https://m.facebook.com/story.php?story_fbid=2427859514175204&id=1839559759671852

🔹මනාලියක් වීමට පෙර ගෙදරදිම ලස්සන වෙන හැටි 👇
https://m.facebook.com/story.php?story_fbid=2076474789313680&id=1839559759671852

📗 මූලාශ්‍රය :- විශ්මිත රූප සත්කාර
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #සමට_සත්කාර #facepack #treatmentsforface #healthylifestyle #ayurvedalifestyle #ayurvedalife #Ayurveda #srilankanmedicine #helamedicine




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here