අනුර ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවනවා.. අපේම ආණ්ඩුවක් හදනවා..

0
4


ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය කැඳවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොව මැතිවරණ කොමිසම විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එ් අනුව මැතිවරණ කොමිසම එළඹෙන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර කැඳවන ජනාධිපතිවරණයකින් මෙරට ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා තේරී පත්වන බවද හෙතෙම පැවසීය.

ඒ බව ස්වාධීන සමීක්ෂණ වාර්තා රැසකින් මෙන්ම ආණ්ඩුවේ බුද්ධි අංශ විසින් සිදු කරන සමීක්ෂණවලින් ද තහවුරු කර ඇති බවත් හෙතෙම පැවසීය.

අනුර දිසානායක මහතා ජනාධිපති වූ වහාම වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද ඉන් පසු මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here