අනුර කුමාර සිය ඉන්දීය සංචාරය නිමාකර යළි දිවයිනට | Sri News

0
5


අපි රටකට යාම , රටක රාජ්‍ය නායකයින් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (10) දින කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ සිය ඉන්දීය සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී ය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අප නොවන බවත් පැවසීය .

අප රටේ ආර්ථිකය කඩා වැටීම , දේශපාලන අර්බුදය මෙන්ම ජනාධිපතිවරයා විසින් ජන්ද කල් දමා තිබීම ලෝකය මෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයින් ද දන්නා බවත් , කවර මැතිවරණ කල් දාන්න උත්සාහ කළත් එළඹෙන ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කළ යුතු බවත් එය රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත් වන බවත් පැවසීය

ඉන්දීය රජය සමග එකගතා , පොරොන්දු රජයන් අතර සිදු වන බවත් , අප දේශපාලන ව්‍යාපාරයක් බැවින් අපි අවබෝධ කර ගැනීම වර්ධනය කර ගැනීම සිදු කළ බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය .

අනුර කුමාර මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිස (10) දින පස්වරු 03.10 ට ඉන්දියාවේ මුම්බායි සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here