අනුරමය ඉන්දීය වික්‍රමය ක්‍රීඩාවට හැරවීමට ජීවිතාරක්ෂක ක්‍රීඩාවෙන් ආරම්භයක් ගමු

0
27


මේ මොහොත අතිශයින් ඉන්දීය – ශ්‍රී ලංකා සම්බන්ධතා ගැන කතා කරන්නට වැදගත් මොහොතකි. ඉන්දු-ලංකා ජීවිතාරක්ෂක ශූරතාවලිය 2024 දෙසැම්බර් 8 සිට 14 දක්වා ඔඩිෂා හි පූරි වෙරළ තීරයේදී පළමුවරට සංවිධානය වීම ද,ලංකාවේ ජීවිතාරක්ෂක ක්‍රීඩාවේ අනාගතය පැහැබර කරනු පිණිස ඉන්දීය මිත්‍රත්වය ශ්‍රී ලංකාව දෙසට යොමු වීමකි.ඒ නිසා මෙය දෙරටේ දේශපාලන සබඳතාවල කොටසක් ලෙස සිතා ක්‍රීඩාත්ම දැක්මකින් පෙරට තල්ලු කරගෙන යාමට,ඉන්දියාවෙන් භෞතික සහය සහ ශක්තිය ලබා ගැනීම කෙරෙහි විවර වුණු පාරකි.

කෙනෙක් අනුර කුමාර ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය අළලා කරන කතා බොහෝය.අපට මතක කාලයේ ඔහු නියෝජනය කරන ජවිපෙ දේශපාලනය දැරුවේ ඉන්දියාවට එරෙහි වූ දැඩි මතයක්ය.චීන සරුව පිත්තල භාණ්ඩ වර්ෂාවක් ලංකාව මත පතිත වීමටද,අනියම් ආකාරයෙන් ඔවුන් විසින් තර්ජණාත්මකව දියත් කළ ඉන්දීය බඩු වර්ජනය බලපෑවේය.

එහෙත් ජවිපෙ සීනුව වෙනුවට ජාතික ජන බලවේගය මාලිමාව වන තැන දී වෙනස් වූ කෝණය කෙතරම් ද යන්න,ජවිපෙ දේශපාලන සම්භවයක් ඇති අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසුව කරන ලද ඉන්දීය සංචාරය සාධක කොට ගත හැකිය.බලය සහිත දේශපාලන ව්‍යාපාරයක් නොවන ආණ්ඩුවකට රටක් හැසිරවීමේදී පැවරෙන වගකීම දේශපාලන පක්ෂ න්‍යාය පත්‍රයකට වඩා වෙනස් පළල් වගකීම් සහිත විසුරුණු එකක් බව සිතා අනුර කරන මේ හැසිරීම වැදගත්ය.

අනුරමය වික්‍රමය ක්‍රීඩාව දෙසට…
ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා සෑම අතින්ම විශාල රටකි.ඇත්තම තත්ත්වයේදී මුල සිටම ශ්‍රී ලාංකේයත්වය ලෙස අප පිළිගන්නා ජාතික වස්තරවල සිටම අපට ඉන්දීය බලපෑම ඇති කරන බව ඇත්තක්ය.ඒ නිසා මෙම සබඳතාවල වඩාත් වැදගත් සහ පලදායි කොටස හිමිවන්නේ ශ්‍රී ලංකාවටය.ඒ නිසා ආදම්ගේ පාළම වැනි නම්වලින් හැඳන්වෙන,ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කළ පාළමක් ගැන මෙන්ම සේත් සමුද්‍රම් ව්‍යාපෘතිය යටතේ මුහුදු මාර්ගයක් මෙන්ම වාහනවලින් දෙරට යා කළ හැකි සබඳතා පාළමක් ද අතිශයින් වැදගත්ය.ලංකාවේ දූපත්මය ආත්ම ඊට වඩා වෙනස් සංස්කෘතික සහ ආර්ථික දැක්මකින් පෝෂණය කළ හැකි පහසුම සහ ලාභදායීම මාර්ගය එය කර ගැනීමේ බුද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය වගකීමෙන් සහ හඳුනාගත් සීමාවන් ඇතුළේ දෙරට අතර එකඟතාවයක් සහිතව මෙහෙයවිය යුතුය.

එය ක්‍රීඩාවට ද,අතිශයින් වැදගත් හුවමාරු වැඩ සටහනක් වන බැවින්,අලුත් ආකාරයේ ආර්ථිකමය සහ සමාජමය වශයෙන් වැදගත් සංස්කෘතික සහ දේශපාලනික සබඳතාවලට පදනම් වන ගිවිසුම් අනුරගේ සංචාරයේ වැදගත් තැනක් වන අතර,ජීවිතාරක්ෂක ක්‍රීඩාව දෙරට යා කරමින් පැවත් වූ පළමු ක්‍රීඩා උළෙලේදී දැක් වූ දස්කම් අනුව මේ ගිවිසුම් යටතේම උප මාතෘකාවක් හැටියට ජීවිතාරක්ෂක ක්‍රීඩාව පෝෂණයට ද ඉන්දීය සුහදත්වය දිනා ගැනීමේ හැකියාව ගැන කල්පනා කර බැලිය හැකිය.
එය ජීවිතාරක්ෂාව නොවන ක්‍රීඩා කටයුතු සඳහා ඉන්දියාවට යන ඉන්දියාවෙන් එන පිරිසට පහසු මිල ගණන් යටතේ ගමනාගමනයට ඉඩ සැළසීම හරහා බොහෝ ඉන්දියාව සම්බන්ධයෙන් වන ක්‍රීඩා සංචාරවලින් ශ්‍රී ලංකාවට ලාභදායී පහසුවක් උපයා ගන්නට හැකිය.අයිපීඑල් මෙන්ම එල්පීඑල් තරග සඳහා යන පිරිස් වෙත ද එම පහසුව දෙරටටම හිමිවන සේ සැකසිය හැකිය.එසේම යාපනයෙන් අලුත් ක්‍රිකට් තරු පූදින වැඩ සටහන පිටුපස ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් හී වැඩ සැළසුම්වල තවත් පලදායී පියවරක් ලෙස යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් තනිව සංවිධානය කරන්නට අවශ්‍යය කරන තවත් දිවා රාත්‍රි ක්‍රීඩා පිටියක අවශයතාවයද ඉටු කර දෙන මෙන් රජයට යෝජනා කරන්නටද හැකිය.ක්‍රීඩාවට ආර්ථිකමය වටිනාකමක් දෙන්නට මේ පියවර සිල්ලර ජාතිවාදී පුස් බෝම්බවලට බය නොවී ගැනීම මේ මොහොතේ රජයට කළ හැකි හොඳම පියවර අතරට වැටෙන්නේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here