අධි බැලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – Sri News දේශීය පුවත්

0
3

අධි බැලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

යාපනය කයිට්ස් පොලිස් වසමේ සාඩි මුහුදු තීරයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීමක් සිදුකළා.

ඒ එම බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. එහිදි ටී එන් ටී අදි බැලැති පුපුරන ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 145ක්,  ආර් පී ජී උණ්ඩ කොටස් 8ක් සහ මිලි මීටර 60 මෝටාර් උණ්ඩ 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනා.

ඔහු මන්කුම්පාන් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු මෙම පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් කුමන ආකාරයේ ක්‍රියාවක් සිදුකිරීමට සැලසුම් කළේ ද යන්න පිළිබද වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here