අධිවේගී මාර්ගයේ අනතුරක්.. විදේශිකයෙකු මරුට…

0
3


අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු රෝහල්ගත කර ඇතිබව අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

අධිවේගී මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටසේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

එම අනතුරෙන් මියගොස් ඇත්තේ විදෙස් ජාතිකයෙකි.

තුවාල ලැබූවන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

– නාගොඩ සුමන උදයන්ත



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here