අධික වර්ෂාව නිසා රට පුරා ජලගැලීම් සහ ආපදා ඉහළට!

0
22


මේ වනවිට ඇද හැලෙන ධාරානිපත වර්ෂාව නිසා මාදුරුඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝ ගස් හන්දියේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාලමක් කැඩීගොස් තිබෙන අතර, එම ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේය.මෙම මාර්ගයේ පාලම ගිලාබැසිමත් සමග ධම්මින්න ,කන්දේගම ,විලයාය, නිදන්වල,මහා ඔය ආදී ගම්මාන රැසක ජනතාව දැඩි අපහසු තාවයට පත් වී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙන අතර, මේ නිසාවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී තිබෙන බව සඳහන් වේ.ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට පතිත වීම හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහයක් විවෘත කර තිබෙන අතර, ඒ අනුව දොරටු හතරක් අඩි පහ බැගින්ද දොරටු හතරක් අඩි හතර බැගින් ද තවත් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇති අතර මේ තුළින් තත්පරයට ගන අඩි 9930 ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර කළ බව පැවසේ,

අංගමෝ ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර එම වාන්දොරටු දෙක අඩි හත බැගින් විවෘත කර ඇති අතර ඒ තුළින් තත්පරයට ඝණ අඩි 3650 ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබෙන අතර, අධික වර්ෂාව නිසා හට ගත් ගංවතුර නිසා සෝමාවතී පුදබිම් මාර්ගය ජලයෙන් අද (27)දින යටවී ඇති බව වාර්තා වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්ක අපදාකළමණාකරන ඒකකය සඳහන් කළේ , පුදබිමේ ද සාමාන්‍ය ජල මට්ටක් පවතින බවයි .බැතිමතුන්ට සෝමාවතී පුදබිම වන්දනා කිරීමට නොහැකි අතර , මාර්ගයේ ජලය බැස යාමෙන් පසු වන්දනා කිරීමට පැමිණෙන ලෙස, අපදාකළමණාකරන ඒකකය බැතිමතුන්ට දැනුම් දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (27) දින අලුයම සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙන අතර, ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද ඉහළ යමින් පවතින බව, එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here