අද ලෝකයේ ඉන්න සුන්දරම රජ බිසෝවරු සහ කුමරියෝ – Sri News

0
4

අද අපි කතා කරන්න යන්නේ ලස්සන මාතෘකාවක් ගැන. ඒ තමයි අද ලෝකයේ ඉන්න ලස්සනම රජ බිසෝවරු සහ කුමරියන් ගැන.

 

ජෝර්දානයේ වර්තමාන රජු වන අබ්දුල්ලා රජුගේ බිසව වන ඇය පලස්තීන සම්භවයක් සහිත කාන්තාවක්. කුවේටයේ ඉපදුණු ඇය ඊජිප්තුවේදී සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර පසුව සිටි බෑන්ක් සහ ඇපල් යන සමාගම්වල සේවය කළා. අම්මාන් නගරයේ පැවති රාත්‍රී සාදයකදී අබ්දුල්ලා කුමරු ඇයට මුණ ගැසුණු අතර ඉන් හය මසකට පසුව 1993 ජූනි 10 වන දා ඔවුන් දෙදෙනා විවාහ වුණා. 1999 දී ජෝර්දානයේ කිරුළ අබ්දුල්ලාට හිමි වූ අතර මේ වන විට ඔවුන් දෙදෙනාට දරුවන් හතර දෙනෙක් සිටිනවා. සමාජ මාධ්‍ය ජාලා තුළ අතිශයින් ක්‍රියාකාරී චරිතයක් වන ඇය  ජෝර්දාන් වැසියන් පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දෙන සෞඛ්‍යය, ක්ෂූද්‍ර මූල්‍යදායකත්වය වැනි විවිධ ගැටළු වලට පිළිතුරු සෙවීම සඳහා සක්‍රීයව දායකත්වය ලබා දෙනවා.

 

ස්වීඩනයේ වර්තමාන රජු වන දහසය වැනි ගුස්ටාව් රජුගේ සහ සිල්වියා බිසවගේ පවුලේ ලාබාලතම සාමාජිකයා වන ඇය ඉපදුණේ 1982 වසර්දීයි. ස්ටෝක්හෝම් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන ඇය අශ්වයන් පිට යෑමේ තරඟ කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනු ලබනවා. 2013 වසරේ දී ඇය ඇමරිකානු ජාතික ක්‍රිස්ටෝපර් ඕ නීල් සමග විවාහ වූ අතර වර්තමානයේ දී ඔවුන් දෙපළ සිය දරුවන් තිදෙනා සමඟ  ෆ්ලොරිඩාවේ පදිංචිව සිටිනවා.

 

නිරූපණ ශිල්පිනියක සහ රියැලිටි ටීවී වැඩසටහන් සඳහා සහභාගිවන්නියක ලෙස ජනප්‍රියව සිටි සොෆියාගේ ජීවිත කතාව සුරංගනා කතාවකට යම්තාක් දුරකට සමාන වනවා. ඒ 2010 වසරේ දී ඇය ස්වීඩන රජුගේ එකම පුත්‍රයා වන කාල් පිලිප් කුමරු සමග විවාහ වීම නිසයි. මේ වන විට ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු සිටින අතර 2021 වසරේ දී ඔවුන් තවත් දරුවකු අපේක්ෂා කරනවා. සමාජ සේවා කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කර සිටින ඇය සිය සැමියා සමඟ ඒ වෙනුවෙන්ම පදනමක් ද පිහිටුවා තිබෙනවා.

 

ආජන්ටිනාවේ උපත ලැබූ ඇය එරට දේශපාලනයේ බලවත්ම පවුලක සාමාජිකාවක් වූවා. සිය උසස් අධ්‍යාපන කටයුතු ඇමරිකා එක්සත් ජනපදයේ දී සම්පූර්ණ කළ ඇයට ස්පාඤ්ඤයේ පැවති රාජකාරි කටයුත්තක් සඳහා සහභාගි වීමේදී ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයෙකු මුණගැසුණා. දින කීපයකට පමණ පසුව එම පුද්ගලයා තමන් නෙදර්ලන්තයේ ඔටුන්න හිමි කුමාරයා බව පවසන විට ඇය සිතුවේ ඔහු විහිළු කරනා බවයි. නමුත් එය විහිළුවක් නොවූ අතර, ඔවුන් දෙදෙනා 2001 වසරේදී විවාහ දිවියට එළඹුණා. වර්තමානයේ දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් වන ඔවුන් දෙදෙනා නෙදර්ලන්තයේ රජු සහ රැජින බවට 2013 වසරේ දී පත්වුණා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here