අද උදෑසන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීම සිදු විය.ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය.
එහිදී ෆයිසර් මුස්තාෆා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා සහ මනෝ ගනේෂන් මහතා ද අද උදෑසන නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.
Sri News Media