අදටත් සොයාගත නොහැකිව තිබෙන, සොරකම් කරන ලද කලා නිර්මාණ 7ක් – Sri News

0
3

අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ විවිධ රටවල කෞතුකාගාරවලින් සහ ආයතනවලින් සොරාගන්නා ලද කලා නිර්මාණ කීපයක් පිළිබඳව. මේ කලා නිර්මාණ සොයා දෙන අයට මිලියන ගණන් මුදල් තෑගි ලබාදෙන්න නියමිත වුණත් වසර ගණනාවක් තිස්සේ මේවා ගැන හෝඩුවාවක්වත් හමුවෙලා නැහැ.

 

කැරවාජියෝ නම් බැරොක් සමයේ සුප්‍රකට චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රය සියවස් තුනක් පමණක්  ආරක්ෂිතව ඉතාලියේ ශාන්ත ලෝරන්ස්  ආරාමයෙහි අල්තාරයට උඩින් එල්ලා තිබුණා. 1969 වසරේ දී මෙම සිතුවම සොරාගත් අතර ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම් සැක කළේ සොරු කණ්ඩායමක් මේ සඳහා සහභාගී වී තිබූ බවයි. තනි සොරෙකුට පමණක් මෙම අති දැවැන්ත සිතුවම එහා මෙහා කිරීම අපහසු වීම මීට හේතුවයි. මාෆියා කණ්ඩායමක් විසින් මෙය සිදුකරන ලද බවට සැක කළත් අද දක්වාම මෙම චිත්‍රය කොහේ පවතින්නේද යන්න පිළිබඳව හෝඩුවාවක් නැහැ.

 

පැබ්ලෝ පිකාසෝ විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවමේ වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික බව විශ්වාස කෙරෙනවා. පැරීසියේ පිහිටි නව කලා නිර්මාණ සඳහා වන කෞතුකාගාරයෙන් මෙම චිත්‍රය ඇතුළු සුප්‍රකට නිර්මාණකරුවන් පස්දෙනෙකුගේ චිත්‍ර සොරා ගනු ලැබුවා. එම සොරකමට සම්බන්ධ වූ එක්තරා සොරෙකු පසුව පාපොච්චාරණය කර තිබුණේ තමන් ඇතුළු පිරිස පොලිස් රැහැනින් බේරීම සඳහා එම චිත්‍රය කුණු ගොඩකට දැමූ බවයි. කෙසේ නමුත් පොලිසිය එම ප්‍රකාශය විශ්වාස නොකළත් ඊට වඩා තොරතුරක් ඔහුගෙන් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

 

 

බෙල්ජියමේ දේවස්ථානයක තැන්පත් කර තිබූ මෙම සිතුවම චිත්‍ර ශිල්පී යන් වෑන් අයික් හෝ ඔහුගේ සහෝදරයා වන හූබර්ට් වෑන් අයික් විසින් නිර්මාණය කළ එකක් බව විශ්වාස කෙරෙනවා. අදාළ රාමුවෙන් චිත්‍රය පරිස්සමෙන් ඉවත් කර සොරකම් කිරීමෙන් පසුව ප්‍රංශ බසින් “වර්සායි ගිවිසුම ප්‍රකාරව ජර්මනිය විසින් ගෙන යන ලදී” යන සටහන මෙහි තබා තිබුණා. පළමු ලෝක යුද්ධයේ දී ජර්මන් හමුදා විසින් මෙම සිතුවම බර්ලිනය වෙත ගෙන ගිය අතර යළිත් වර්සායි ගිවිසුම ප්‍රකාරව බෙල්ජියම වෙත මෙම සිතුවම ලැබී තිබුණා. සොරා ඉහත පණිවුඩය හරහා උත්සාහ කර තිබුණේ මෙම සිතුවම යළිත් ජර්මනිය වෙත රැගෙන ගිය බව දන්වන්නට විය හැකියි.

 

 

 ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පී රෙම්බ්‍රෑන්ට් විසින් අඳින ලද මෙම තෙල් සායම් චිත්‍රය ඔහු විසින් මුහුදක් පසුබිම් කරගෙන අඳින ලද එකම චිත්‍රය ලෙස සළකනු ලබනවා. ජේසුස් වහන්සේ විසින් ගලීල මුහුදේ ඇතිවුණු කුණාටුවක් සංසිඳවන ආකාරය නිරූපණය වන මෙම චිත්‍රය පසු කලෙක බොස්ටන් කෞතුකාගාරයේ  හිමිකාරීත්වය යටතට පත්වුණා. 1990 වසරේදී එම කෞතුකාගාරයට කඩාවැදුණු සොරුන් පිරිසක් මෙම චිත්‍රය ඇතුළු කලා නිර්මාණ ගණනාවක් සොරාගනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවූ විශාලතම කලා මංකොල්ලය මෙය ලෙස සැළකෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here