අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි: ෆින්ගරින් ටිප්ස් කීපයක් ඉගෙන ගමු! – Sri News

0
3

පළවෙනියටම කියන්න ඕන මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි මාතෘකාවක් කියන එක. ආන්න ඒ නිසා, අවුරුදු 16 ට අඩු පොඩි ළමයි එහෙම මේ ආටිකල් එක කියවන්න හරි බරි ගැහිලා ඉඳගත්තා නං, කරුණාකරලා පාඩං වැඩක් කරගන්න යන්න. ඊට වැඩි, සෙක්ස් ගැන කතා කරන්න, සෙක්ස් ගැන ඉගෙන ගන්න බය නැති වැඩිහිටියෝ විතරක් හිටියට කමක් නෑ!

 

දැන් ඔය ෆින්ගරින් කියන්නේ මොකක්ද හැබෑටම? කෙලින්ම පරිවර්තනේ කළොත් “ඇඟිලි ගහනවා”. අපි හොඳටම දන්න ඇඟිලි ගැහිල්ල වෙන්නේ අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගැහිල්ලනේ. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි. මේ කියන්නේ සෙක්ස් කරනකොට තමන්ගේ කාන්තා පාට්නර්ට වින්දනයක් ලබාදෙන්න යෝනිය තමන්ගේ ඇඟිලි වලින් උත්තේජනය කරන එක ගැන. ඒක අනුන්ට ඇඟිලි ගැහීමක් වුණාට, අනුන්ගේ වැඩක් නෙවෙයි. වැඩේ දෙන්නගෙමනේ. අන්න ඒ නිසා, අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා කිව්වට, අපි මේකට එපා කියන්නෙ නෑ.

 

හරි, ෆින්ගරින් කියන්නේ මොකක්ද කියලා දැනගත්තට මදි, ඒක හරියට කරන්නේ කොහොමද කියන එක, ඒ කියන්නේ තමන්ගේ කාන්තාවට උපරිම වින්දනයක් ලබාගන්න පුලුවන් විදියට කරන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. ආන්න ඒ ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මේ ටිප්ස් කීපය හොඳ ෆින්ගරින් අත්දැකීමක් ලබාදෙන්න ප්‍රයෝජනවත් වෙයි!

 

සාමාන්‍යයෙන් අපි දන්නේ කාන්තා යෝනිය කියන්නේ ස්වයං ලිහිසිකරණය වෙන ශරීර අවයවයක් කියලනේ. ඒ කියන්නේ කාන්තාවකට ලිංගික හැඟීම් ඇතිවෙනකොට ස්වභාවික ලිහිසිකාරක ශ්‍රාවය වෙලා, යෝනිය ලිංගික කාර්යය සඳහා සූදානම් කෙරෙනවා. හැබැයි එහෙම කිව්වට, ඒක සියේට සීයක් හැම කාන්තාවකටම හැම මොහොතකදීම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා, ෆින්ගරින් වලදී ඒ ගැනත් හිතන්න ඕන. සාමාන්‍යයෙන් සුපර් වෙට් වෙන කාන්තාවක් නම් ගැටළුවක් වෙන්නෙ නෑ. හැබැයි ප්‍රමාණවත් විදියට යෝනිය ලිහිසිකරණය වෙලා නෑ කියලා හිතෙනවා නම්, ෆින්ගරින් වලට කලින් ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒක ඔය වෝටර් බේස්ඩ් හරි සිලිකන් බේස්ඩ් හරි වුණාට කමක් නෑ. එහෙම නැතිනම් වඩාත් පහසු ක්‍රමයක් තමයි ෆින්ගරින් කරන්න කලින් ඇයට හොඳ මුඛ සංසර්ගයක් ලබාදෙන එක. ඒ කියන්නේ දිවෙන් යෝනිය හොඳින් උත්තේජනය කරලා ඉන්න එක.

 

සමහරු හිතනවා ෆින්ගරින්ග් කියන්නේ වේගෙන් කරපු තරමට කාන්තාවට වැඩි උත්තේජනයක් ලැබෙන දෙයක් කියලා. තවත් සමහරුන්ට ෆින්ගරින්ග් කියන්නේ වීඩියෝ ගේම් එකක් වගේ. වැඩියෙන් වෙඩි තියලා ගොඩක් අය මරපු තරමට තමයි දිනන්න පුලුවන්. හැබැයි අපි කියන්නේ ෆින්ගරින් ඔය එකක්වත් නෙවෙයි කියලා. ඒක හෙමින් සීරුවේ ආරම්භ කරලා රිද්මයකට කරගෙන යන්න ඕන දෙයක්. එහෙම නැතුව වේගෙන්, රළු පරළු විදියට කරන්න ඕන දෙයක් නෙවෙයි බොහෝමයක් වෙලාවට. එක ඇඟිල්ලකින් පටන් ගන්න. හෙමිහිට රිද්මය ගොඩනංවන්න. ඒ වගේම, යෝනිය ප්‍රමාණවත් තරමට ලිහිසි වෙලාද කියලා බලන්න. එහෙම නැතිනම් අංක එක පියවරට යන්න.

 

පිරිමියෙක්ගේ ලිංගේන්ද්‍රියට සමානව පිහිටලා තියෙන කාන්තා ශරීරයේ අංගය කියලා ක්ලිට් එක, ක්ලිටෝරිස් එක නැතිනම් සිංහලෙන්ම කිව්වොත් භගමණිය ගොඩක් දෙනෙක් හඳුන්වනවා. පහසුවට අපිත් ක්ලිට් එක කියලම කියමු. කාන්තාවකගේ ක්ලිට් එක ඇත්තටම අති සංවේදී ස්ථානයක්. ඒ නිසාම, හරි විදියට ක්ලිට් එක උත්තේජනය කරලා ඈව සුරතාන්තයට පත් කරන්න වුණත් පුලුවන්. ආන්න ඒ නිසා, ක්ලිට් එකට සලකන විදිය මුලින්ම ඉගෙන ගන්න ඕන. ක්ලිට් එක හොයාගන්න ක්‍රමේ ඊට කලින් ඉගෙන ගන්න ඕන! සාමාන්‍යයෙන් කාන්තාවකගේ ක්ලිට් එක තියෙන්නේ යෝනි මාර්ග ප්‍රවේශයට ඉහළින් වගේ. හැබැයි මේක හරියටම තියෙන තැන කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන්. වැදගත්ම දේ මේකයි. ෆින්ගරින් වල ප්‍රධානතම තැනක් වෙන්නේ යෝනි මාර්ගයට ඔබේ ඇඟිලි ඇතුළු කරන එක නෙවෙයි. ඔබේ ඇඟිලි වලින් ක්ලිට් එක උත්තේජනය කිරීම. සමහර විට අත් දෙකම මේ කාර්යයන් දෙකට එක වර යොදාගන්න පුලුවන් නම්, ඒක ඔබේ කාන්තාවට අමතක නොවෙන විදියේ ෆින්ගරින් අත්දැකීමක් වෙයි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here