අත්‍යවශ්‍ය ඖෂධ 300ක් රෝහල්වල නෑ

0
5

රජයේ රෝහල්වල ඖෂධ හිඟය එන්න එන්න ම බරපතළ ලෙස වැඩිවීමේ ප්‍රවණතාවක් මතුව තිබීමෙන් ඊයේ (පෙබ. 12) වාර්තා වූ අන්දමට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300ක පමණ හිඟයක් පවතී.

දිනෙන් දින මේ තත්ත්වය උග්‍ර අතට පත්වෙමින් තිබේ. සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණසහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඖෂධ මිල දී ගැනීම්වලට අදාළ සමාලෝචන රැස්වීම් සතිපතා පැවතිය ද ඖෂධ හිඟය මැඬපවත්වා ගැනීමට මේ රැස්වීම්වලින් කිසිදු ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකිවූ බවක් මෙතෙක් පෙනෙන්නට නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 245ක් පමණ ගණනකට ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැති අතර ලියාපදිංචි වුවද උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් නොකළ ඖෂධ වර්ග සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් උපරිම සිල්ලර මිල ඉදිරිපත් නොකිරීම් තුළ ඖෂධ සංස්ථාව ඔවුන් වෙත ටෙන්ඩර් ප්‍රදානය කිරීමෙන් වැළකීසිටීම නිසා නුදුරේදීම රට තුළ විශාල ඖෂධ හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව පැවසේ.

පසුගිය දෙසැම්බර් මාසයේ ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාගේ අස්සනින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියකින් දන්වා ඇත්තේ ටෙන්ඩර් ප්‍රදානය කිරීමට ප්‍රධානතම සාධකයක් වන්නේ වලංගු ලියාපදිංචි සහතිකය බැවින් Non gazetted ඖෂධ වර්ග අතර රෝහල්වල භාවිත කරන අත්‍යවශ්‍ය හා ඉතා වැදගත් ඖෂධ වර්ග පවතින බැවින් Non gazetted (MRP) අයිතමයන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමට සුදුසු උපදෙස් ලබාදෙන මෙන් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතත්, මේ දක්වා ඔහු ඒ සඳහා ප්‍රතිචාරයක් දක්වා නැති බව වාර්තා වේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here