අගමැති නිල නිවස පුද්ගලික අංශයට බදු දෙයි…

0
4


විසුම්පාය ඇතුළු කොළඹ නගරයේ රජය සතු ගොඩනැගිලි කිහිපයක් බදු පදනම යටතේ පෞද්ගලික අංශයට කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇතිබව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතා පැවසීය.

ඒ අනුව කෆූර් ගොඩනැගිල්ල ,තේ කෞතුකාගාර ගොඩනැගිල්ල සහ ඩී.ආර්.විජේවර්ධන මාවතෙ පිහිටි අක්කර 03ක ඉඩම් දෙකක් ද ඒ අනුව බදු පදනම යටතේ ලබාදීමට නියමිතයි.

මේවනවිටත් ආයෝජකයින් කිහිප දෙනෙකු සමඟ එකඟතාවයන් ඇතිකර ගෙන ඇතිබව ලේකම්වරයා පැවසීය.

මීට අමතරව නුවරඑළියේ පිහිටි තවත් රජයේ ගොඩනැගිල්ලක් ද බදු පදනම මත ලබා දෙන ගොඩනැගිලි අතරට අයත් වෙයි.

මෙම ගොඩනැගිලි සහ ඉඩම් සංචාරක ආකර්ශනීය ස්ථාන ලෙස සංවර්ධනය කර ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

එම ගොඩනැගිලි වල පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට හානියක් නොවන ලෙස පෞද්ගලික අංශයේ සේවා සඳහා ලබා දෙන බව පැවසීය.

යූනියන් ප්‍රදෙසේ පිහිටි විසුම්පාය ගොඩනැගිල්ල හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක ,හිටපු අග්‍රාමාත්‍ය දීමූජයරත්න ,අනුරුද්ධ රත්වත්තේ ,ලක්ෂ්මන් කදිරගාමර් ,මංගල සමරවීර සහ මහාචාර්ය ජී.එල්.පීරිස් යන අමාත්‍යවරුන් සිය නිල නිවාස ලෙස භාවිතා කෙරිණි.

– නාගොඩ සුමන උදයන්ත



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here