අකලට කොණ්ඩය සුදු වීම වලකන ගෙදරදි හදන අත් බෙහෙත… අවුරුදු 30 වෙන්න කලින්, මැදි …

0
14

අකලට කොණ්ඩය සුදු වීම වලකන ගෙදරදි හදන අත් බෙහෙත…

අවුරුදු 30 වෙන්න කලින්, මැදි වයස පටන් ගන්න කලින් කොණ්ඩයේ අතරින් පතර සුදු කෙස් ගහ දෙක ඇදෙන්න ගන්නවා නම් ඔන්න අපේ කොණ්ඩය අකාලයේ පැහෙන්න පටන් අරන්. සුදු වෙච්ච කෙස් ගහක් දෙකක් දැක්ක ගමන් අපිට මඛාදේව රජතුමාට වගේ ජීවිතයේ අනියත බව වැටහෙන්නේ නෑනේ. ඒ වෙලාවට අපි හරියට දුක් වෙනවා. ඒ ගැන හිතමින් හරියට මානසිකව විඳවනවා.

අකලට හිසකෙස් පැහෙන්න එක හේතුවක් කියලා නෑ. ඒකට හේතු සාධක ගණනාවක්ම තියෙනවා. අපේ වැරදි ඇවතුම් පැවතුම්, පෝෂණ ඌණතා වගේම ශරීර ප්‍රකෘතිය කියන්නේ ඉන් කිහිපයක් විතරයි. (පිත්ත ප්‍රකෘති අයගේ හිසකෙස් පැසීම ඉක්මන්.) ඉතින් ඒ නිසා කොණ්ඩය ඉදීමට හේතුවුන සැබෑ කාරණය සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවගෙන ඒ සඳහා සුදුසු ස්ථීර ප්‍රතිකාර ලබාගන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම වටින්නේ.

ඒත් ඉතින් කට වචනෙට අපි එහෙම කිව්වට ඔයාලා කවුරුත් එහෙම කරන්නේ නෑ කියලා අපි හොඳින් දන්නවා. ඕනම කෙනෙක් ඉස්සෙල්ලම කරන්නේ කවුරුන් හෝ නිර්දේශ කරපු හිස තෙලක් හිස ගල්වන එක. එහෙම තෙල් ගාන එකේ වැරැද්දක් නෑ. තෙල් ගාන එක හරිම හොඳ දෙයක්.

ඒත් අපිට ගොඩක් ඉක්මණින් අපේ කුස්සියෙන්, වත්ත පිටියෙන් හොයාගන්න පුළුවන් ඖෂධ වලින් අකලට හිසකෙස් පැසීම නතර කරගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ අන්න ඒ වගේ ගෙදරදිම කරගන්න පුළුවන් හරිම අපූරු සරල ප්‍රතිකාරයක්. මේකට අත් බෙහෙතක් කිව්වට වැරැද්දකුත් නෑ. මොකද මෙහි ප්‍රතිඵල ඒ තරමටම විශ්මිතයි.

අකලට හිසකෙස් සුදු වීම වලකන අත්බෙහෙත…

🔴 අවශ්‍ය ද්‍රව්‍ය
===============

🔶. පොකුරු වදමල්
🔶. කෝපි කුඩු
🔶. තේ කොළ කුඩු
🔶. දෙහි
🔶. උණු වතුර

🔵 සාදාගන්නා ආකාරය
======================

පළමුවෙන්ම තේ කොළ තේ හැඳි 01 ක් සහ කෝපි තේ හැඳි 01 ක් වෙනම භාජනයකට එක්කරගෙන එයට උතුරන උණුවතුර ටිකක් දමා විනාඩි 02 – 03 ක් තැම්බෙන්නට හරින්න. පොකුරු වදමල් එකටද උතුරන උණු වතුර එක්කර එහි වර්ණය පිටතට පැමිණෙන තුරු විනාඩි 03 – 04 ක් තබන්න. එම ද්‍රාවණයද කලින් සකසාගත් තේ, කෝපි ද්‍රාවණයට එක්කරගන්න. දැන් එයට දෙහි බිංදු දෙකක් එක්කර හොඳින් කලවම් කර පාවිච්චියට ගන්න. (දෙහි වැඩිපුර දාන්න එපා. බිංදු දෙකක් හොඳටම ප්‍රමාණවත්.)

ඔබ ජීවත් වන පරිසරය ශීත පරිසරයක් නම්, පීනස වැනි රෝගී තත්වයකින් ඔබ පීඩා විඳිනවා නම් මෙය රාත්‍රියේදී හිස ගල්වන්න එපා. ඒ වෙනුවට උදෑසන මෙය හිස ගල්වා පැය 03 ක් පමණ හිසේ තබා පසුව සෝදා හරින්න. එවැනි ගැටළු නොමැති අය මෙම ප්‍රතිකාරය රාත්‍රියේදී සිදුකර උදෑසන ඉවත් කරගන්න. මෙය ඉවත්කර ගැනීමට සඳහා මද රස්නය වතුරෙන් හිස සෝදන්න. ඉන්පසුව හිස හොඳින් වියලා ගන්න.

හිස හොඳින් වියළුණු පසුව භෘංගමාලක වැනි ඖෂධීය තෙල් වර්ගයක් හිස ගල්වා ඇඟිලි තුඩු වලින් හිස හොඳින් සම්බාහනය කරන්න. එවිට එම තෙල් ඉතා හොඳට සම තුලට කා වැදීම සිදුවෙනවා. මෙම ප්‍රතිකාරය සතියට දෙතුන් වතාවක් මාස දෙකක් යනතුරු එක දිගට සිදුකල යුතුයි. මාස දෙකක් ගතවන විට ඔබේ සුදු හිසකෙස් නැවතත් කාල වර්ණයෙන් බැබලෙන හැටි ඔබටම දැකගන්නට පුළුවන්.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸සමන් පිච්ච මලෙන් හිඳින දුර්ලභ “හෙයා ඔයිල්” එක 👇
https://m.facebook.com/story.php?story_fbid=2433455226948966&id=1839559759671852

🔹කොණ්ඩය ශක්තිමත් කරන, පාට කරන විනාඩි 20න් හදන තෙල් එක 👇
https://m.facebook.com/story.php?story_fbid=2481135115514310&id=1839559759671852

🔸අකලට හිසකෙ සුදු වීම හා වැටීම වළක්වා ගන්නේ මෙන්න මෙහෙමයි 👇
https://m.facebook.com/story.php?story_fbid=2127015994259559&id=1839559759671852

🔹කරපිංචා කොලෙන් හදන “කරපිංචා කේෂවර්ධනාලේපය” 👇
https://m.facebook.com/story.php?story_fbid=2360952484199241&id=1839559759671852

👩‍⚕️ තොරතුරු :- දේශීය වෛද්‍ය ස්වර්ණා සූරියආරච්චි මහත්මිය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #හිසකෙස් #හිසකෙස්_පැසීම #premature #hair #prematurehair #healthylife #ayurvediclifestyle








Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here