Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews.lk
ලංකාවට දෙන සහය තවත් වැඩි කරමින් ඍජු ආයෝජන රැසකට බ්‍රිතාන්‍ය රජය සුදානමින්
2018-04-19 11:00:00
Views : 46
ශ‍්‍රී ලංකාවට ලබා දෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවත් බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාව අද (18) පස්වරුවේ ලන්ඩන් නුවරදී හමුවූ ලියම් ෆොක්ස් මහතා මේ බව සඳහන් කළේය.දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලියම් ෆොක්ස් මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙබි අඩවිය තුළ ද අන්තර්ගත කිරීමට කටයුතු කරන බවයි.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත‍්‍රයේ ද සුවිශේෂී ප‍්‍රගතියක් සිදුව තිබෙන බවයි.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77