Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

 

Ads here
240 x 80
Call Now 0777 30 44 77

SriNews → srinews.lk
රජයට පවරා ගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීමට පුවත්පත් දැන්වීමක්
2018-03-10 09:17:00
Views : 78
රජයට පවරා ගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වහාම විකුණා දැමීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.රජයට පවරා ගත් රෝහලක්‌ වෙනත් පුද්ගලික පාර්ශ්වයකට පුවත්පත් දැන්වීම් මගින් විකුණා දැමිය හැකි ද යන්න වහා හෙළි කළ යුතු බවද එය හාස්‍යජනක කරුණක්‌ බවද හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේය.නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බව පවසමින් රටටම බොරු කී අය වහා ජාතියෙන් සමාව ගත යුතු බවත් සයිටම් අහෝසි කරන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ රජය විසින් ප්‍රකාශයට පත් කර තිබියදී එහි සිසුන්ගෙන් මුදල් අයකර ගැනීම දිගින් දිගටම සිදු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.හිඟ මුදල් නොගෙවන සිසුන්ට ආයතනයට ප්‍රවේශ වීම තහනම් කර ඇතැයිද මෙම මූල්‍ය වංචාව නතර කිරීමට රජය වහා මැදිහත්විය යුතු බවද පැවසු හරිත අලුත්ගේ මහතා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් සේවය කරන බවට තොරතුරු ලැබී ඇතැයිද කියා සිටියේය.තොරතුරු දැනගැනීමේ පනත යටතේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්ය මණ්‌ඩලය පිළිබඳව විස්‌තර ඉල්ලා මාස කිහිපයක්‌ ගතව ඇතිමුත් මේ දක්‌වා ඊට පිළිතුරු නැතැයිද රෝගී ජනතාවගේ ජීවිතවලට මෙම සුදුසුකම් නැති වෛද්‍යවරුන් හරහා එල්ල වන බලපෑම අහෝසි කළ යුතු බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.මෙම ව්‍යාජ වෛද්‍යවරුන්ට දැනටත් වැටුප් ගෙවන්නේ නම් ඒ මුදල්වල වගකීම දරන්නේ කවුදැයි රටට හෙළි කළ යුතු බවද නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා පත්වීම් ලබා දී ඇති හෙද නිලධාරීන්ගේ ලිපි ගොනු මේ වනවිට කොළඹ කාසල් කාන්තා රෝහල තුළ තබා ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවද ඔහු අවධාරණය කළේය.ඒ අනුව කාසල් වීදිය කාන්තා රෝහලේ සේවය නොකරන හෙද නිලධාරීන් පිරිසක්‌ සඳහාද එම රෝහලෙන් වැටුප් ගෙවන බවත් එය බරපතළ මූල්‍ය විෂමාචාරයක්‌ බවත් හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77

 

 

Ads here

300 x 100

Call Now 0777 30 44 77